පුවත්

විශේෂ මූල්‍ය සමථ මණ්ඩල පහිටුවන්න යයි

Published

on

විශේෂ මූල්‍ය සමථ මණ්ඩල පිහිටුවීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර ඇති බව විෂයභාර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කියා සිටී.

මූල්‍ය ආරවුල් අධිකරණ ක්‍රියාදාමයට යොමුවීමට පෙර විසඳා ගැනීම සඳහා එම පියවර ගන්නා බවද ඔහු පවසයි.

පළමු අදියරේදී කොළඹ, ගම්පහ, මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්කවල විශේෂ මූල්‍ය සමථ මණ්ඩල පිහිටුවීමට නියමිතය.

අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින් පත් කිරීමට පියවර ගන්නා බවයි.

මීට අමතරව විශේෂ ඉඩම් සමථ මණ්ඩල ද දීපව්‍යාප්තව පිහිටුවීමට පියවර ගන්නා බවද අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දැනට දිස්ත්‍රික්ක 16 එම විශේෂ ඉඩම් සමථ මණ්ඩල පිහිටුවා ඇති බවයි.

ප්‍රජා මූල සමථ මණ්ඩල සභිකයින්ට පුහුණුවීම් වැඩි කිරීමට ද පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.

1988 වසරේ ඇතිකළ සමථ මූල මණ්ඩල මේ වනවිට 329 ක් දිවයින පුරා ක්‍රියාත්මක වන අතර ඒවායේ  සේවය කරන සමථකවරුන් සංඛ්‍යාව 8,500කට අධිකයි.

Trending

Exit mobile version