රාජ්‍ය නායකයන් රැසක් සිය නිල නිවාසය ලෙස පාවිච්චි කරන ලද “විසුම්පාය” ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු කරගෙන යන බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය.
යටත් විජිත සමයට අයත් වූ විසුම්පාය ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ 1971 වර්ෂයේදී රජය සතු දේපළක් ලෙස රජයට පවරා ගනු ලැබීය.
මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය බවට පත්කරගත් දේශපාලනඥයෝ රැසක් වෙති. ඒ පිරිසට සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මහාචාර්ය ජී, එල්. පීරිස් යන අය ඇතුළත්ය.
විසුම්පාය කොළඹ පිහිටා ඇති සුන්දර ගොඩනැගිල්ලකි. ඉන්දීය හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි, ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නවාතැන වූයේද විසුම්පායයි.
මූලාශ්‍රය – ලංකාදීප