පුවත්

වීසා නැති පිටරැටියන් අල්ලා පිටුවහල් කරන්න රජය තීන්දු කරයි!

Published

on

වීසා නොමැතිව විවිධ හේතූන් මත මෙරට රැඳී සිටින සියලු විදේශිකයන් හඳුනාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වීසා නොමැතිව මෙරට තුළ රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධව වහාම පියවර ගන්නා ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයාට දැනුම් දී ඇත.

ඊශ්‍රායලය, පාකිස්තානය, ඉන්දියාව, රුසියාව, මියන්මාරය, නයිජීරියාව, චීනය ඇතුළු රටවල් රැසකින් මෙරටට පැමිණ වීසා නොමැතිව රැකියාවල යෙදී සිටින විදේශිකයන් ගැන ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත. 

මෙරට හෝටල් පවත්වාගෙන යන විදේශිකයන් ගැනද අනාවරණය වී ඇති බව වාර්තා වේ.

Trending

Exit mobile version