බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ හදිසි පරික්ෂාවකදී සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ සිර කුටියේ තිබී නවීන ජංගම දුරකතනයක් සොයා ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ බූස්ස බන්ධනාගාර කදවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව බන්ධනාගාරයේ විශේෂ අංශයේ ඒ කොටසේ අංක 38 සිර කුටිය පරික්ෂාවට ලක් කර තිබේ.
එහි පිටුපස කොටසේ තිබී සිම්පත් රහිත ජංගම දුරකතනය අත්අඩංගුවට ගැනීමට හැකි විය.
එය වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දුන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.