අනතුරට පත්ව තුවාල ලබා නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන ආ රෝගියකු කොළඹ ජාතික රෝහල වෙත කඩිනමින් යොමු නොකළා යැයි උරනව වෛද්‍යවරයෙකුට පහරදී දේපළවලට අලාභ හානි සිදුකල පුද්ගලයන් 7 ක් අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට පත්වූවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බවය.
මාලාවේ ප්‍රදේශයේ පැවති සාදයකින් පසු යතුරුපැදියකින් යමින් සිටියදී අනතුරට පත්ව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන ආ 21 හැවිරිදි පුද්ගලයෙකුට නැගෙනහිර කොළඹ මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයා විසින් අවශ්‍ය ප්‍රතිකරමින් එම රෝගියා කොළඹ ජාතික රෝහල යොමු කිරීම සඳහා කටයුතු කරමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පිරිසක් බාහිර රෝගී අංශයේ කලහකාරී ලෙස හැසිරෙන බවට එම රෝහලේ පොලිස් මුරපොළ වෙත ලද තොරතුරකට අනුව එම අවස්ථාවේදීම පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.