Connect with us

පුවත්

වෛද්‍ය කපිල වික්‍රමනායකගේ පෙත්සම ගැන අධිකරණයෙන් තීරණයක්

Published

on

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා ජුනි මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කලේය.

තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම අද (30) කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා සඳහන් කළේ මෙම පෙත්සමට අදාළ සීමිත විරෝධතා ගොනුකර අවසන් බවය.

ඉන්  අනතුරුව පෙත්සම සලකාබැලීම සඳහා ජුනි මස 04 වනදා කැඳවන ලෙස නියෝග කලේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව පොදු දේපොළ පනත යටතේ නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පුවත්

බූස්සේ රැඳවියන් පිරිසක් විරෝධයක් අරඹයි

Published

on

By

බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙකු බන්ධනාගාරයේ වහළය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද (18) උදෑසන සිට මෙම රැඳවියන් විරෝධතාවයේ නිරතවෙන බව සඳහන් වෙයි.

Continue Reading

පුවත්

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි (වීඩියෝ)

Published

on

By

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා (16) දින තේරී පත්වූවාය.

ඇය නගරාධිපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණි.

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය වේ.

Continue Reading

ඡායාරූප සටහන

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ බිහිසුණු අනතුර  (ඡායා)

Published

on

By

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ඡායා – Accident 1st

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved