අද (03) පස්වරුවේ වෛද්‍ය පීඨ සිසුන් සංවිධානය කළ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී.
ඒ, කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදීයි.
මේ හේතුවෙන්, කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනය අවහිර වීම සිදුවිය.
නිදහස් අධ්‍යාපනයට වැට බඳින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුනි.