Connect with us

පුවත්

ශ්‍රීලන්කන් නිකන් දුන්නත් ආයෝජනයෝ ගන්නෙ නැහැ

Published

on

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නියමුවන්, ඉංජිනේරුවන් වර්ජන කිරීම නිසා ගුවන් සමාගම නොමිලේ දුන්නත් නොගන්නා තත්ත්වයට ආයෝජකයන් පත්ව ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් ගමන් ප්‍රමාදවීම සහ අවලංගුවීම සම්බන්ධයෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය. 

තරගකාරිත්වයට අනුව කටයුතු කළ නොහැකි නම් ශ්‍රීලන්කන් ගුවන් සමාගම වසා දැමිය යුතු බවත්, රජයේ මුදල් යොදවා ගුවන් සේවාවක් පවත්වාගෙන යාමේ තේරුමක් නොමැති බවත්, ලීසිං ගෙවා ගැනීමට නොහැකිවීම නිසා හෙට අනිද්දා වනවිට ගුවන් යානා එකක් දෙකක් ලීසිං සමාගම් විසින් රැගෙන යනු ඇති බවත් අමාත්‍යවරයා කීය.

ශ්‍රීලංකන් ගුවන් සේවාව තවදුරටත් තියා ගන්නවාද, නැතහොත් තව ටික දවසකින් වසා දමනවාද යන්න පිළිබඳ සේවකයන් තීරණය කළයුතු බවද ඇමැතිවරයා පැවසීය. ගුවන් සේවාව පවත්වාගෙන යෑමට පරිපාලකයන්ට සේම වෘත්තීය සමිතිවලට වුවමනාවක් නොමැති බවද ඇමැතිවරයා කීවේය. රාජකාරි නොකර වැටුප් ගැනීමටත්, විදෙස් සංචාරවල නිරතවීම සඳහාත් පිරිස සේවයේ නිරතව සිටින බවත් ඔහු කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.

අබලන් ගුවන් යානා සංඛ්‍යාව 10 ක් දක්වා අඩුකරන ලෙසද, ගුවන් වාර සංඛ්‍යාව අඩුකරන ලෙසද ඇමැතිවරයා කීවේය.

කෙසේවුවද, ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපතිවරයා ඊට දැඩි විරුද්ධත්වයක් දැක්වූවේය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved