පුවත්

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් (Update)

Published

on

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉන් ඉවත් වීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන්ගේ ගුවන් ගමන් සම්බන්ධයෙන් පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය සමග කටයුතු කර ඇති බවය.

ඒ අනුව ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ටෙලිග්‍රෑම් නාලිකාව හරහා හෝ පහත සඳහන් හදිසි ඇමතුම් අංක ඔස්සේ ටෙහෙරාන් හී පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය සමග සම්බන්ධ විය හැකිය. 

ඒ අනුව +98 901 014 4557, +98 912 810 9115, +98 912 810 9109 යන දුරකතන අංක ඇමතීමෙන් ඉන්දීය තානාපති කාර්යාලය සමග සම්බන්ධ විය හැකිය.

තවද පහත සඳහන් අංක ඔස්සේ ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග ද සම්බන්ධ විය හැකි බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

+98 939 205 5161, +98 991 205 7522 (සිංහල/ ඉංග්‍රීසි), +98 936 636 0260


(පෙර පුවත 2025 ජුනි 21 ප.ව.2:05)

ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීමට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු විධිමත් ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය මේ බව අද (21) ප්‍රකාශ කර ඇත.

මීට අමතරව ඉරානයේ සිටින නේපාල ජාතිකයන්ටද මෙලෙසම සිය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත්ව සිටියි.

ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේ, අසල්වැසි රටවල් දෙකෙහිම පුරවැසියන් ඉවත්කිරීම ‘සින්ධු මෙහෙයුම’ යටතේ සිදුකරන බවයි.

Trending

Exit mobile version