පුවත්

ශිරන්තිගේ බැංකු ගිණුම ගැන යළි පරීක්ෂණයක්

Published

on

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය විසින් සිරි­ලිය සවිය නමින් පව­ත්වා­ගෙන ගිය ව්‍යාජ ගිණුම සම්බ­න්ධ­යෙන් යළි විම­ර්ශන කට­යුතු ආරම්භ කරන බව මහ­ජන ආර­ක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වට­ගල මහතා පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කළේය.

මෙලෙස පවත්වා ගෙන ගිය සිරි­ලිය සංවි­ධා­න­යට අයත් බැංකු ගිණු­ම්වල මැන්ඩේට් පත්‍රය කුම­න්ත්‍ර­ණ­කාරී ලෙස බැංකු­වෙන් සොර­කම් කර ඇති බව ද ඒ මහතා පැව­සු­වේය.

එහි දී ඒ මහතා මෙසේද කීවේය.

ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය විසින් සිරි­ලිය සවිය නමින් ව්‍යාජ ගිණු­මක් පව­ත්වා­ගෙන ගොස් තිබෙන අතර එය ව්‍යාජ ගිණු­මක් බවට සනාථ වී තිබෙ­නවා. එම ගිණුමේ මැන්ඩේට් පත්‍රය අස්ථාන ගතවී තිබෙ­නවා.

කොළඹ 10, ඩාර්ලි පාර මහ­ජන බැංකුව, සුදු­වැල්ල ශාඛාවේ සිරි­ලිය සවිය නමින් ව්‍යාජ තොර­තුරු ඉදි­රි­පත් කර­මින් නීත්‍ය­නු­කූ­ලව ඉදි­රි­පත් කළ­යුතු ලේඛන ඉදි­රි­පත් නොකර 2006.11.14 අංක 143/1/001/4/6235069 නමැති ගිණුම ආරම්භ කර තිබෙ­නවා. දැනට මෙම ගිණුම අත්හි­ටුවා ඇති අතර මේ වන­විට ගිණුමේ ශේෂය රුපි­යල් මිලි­යන 43ක් වෙනවා. මෙම ගිණුමේ සභා­පති ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යයි. ලේකම් කළ්‍යාණි දිසා­නා­යක, භාන්ඩා­ගා­රික නිරෝෂා ජීවනී අය අයයි. අවස්ථා 88ක දී රුපි­යල් අට කෝටි විසි­නව ලක්ෂ අසූ අටක් තැන්පත් කර තිබෙ­නවා.

ඊට අම­ත­රව අවස්ථා 129කදී රුපි­යල් තුන් කෝටි අනූ ලක්ෂ පහ­ලොස් දහස් හය­සිය පනස් හයක මුද­ලක් ලබා­ගෙන තිබෙ­නවා. ලක්ෂ 100ක ස්ථාවර තැන්ප­තු­වක් ද මෙම බැංකුවේ සිරි­ලිය නමින් ආරම්භ කර තිබෙන අතර මූල්‍ය අප­රාධ කොට්ඨා­සය මඟින් මේ ගිණුම සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ආරම්භ කර තිබෙ­නවා. යළි මේ විම­ර්ශන කට­යුතු ආරම්භ කර­නවා” යැයි පැවැ­සීය.

එමෙන්ම සී.එස්.එන් නාලි­කාව මහා භාණ්ඩා­ගා­ර­යෙන් අත්කර ගත් මුදල රුපි­යල් මිලි­යන 152ක් වෙනවා. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් තම මෑණි­යන්ගේ සහ පියාගේ සුසාන භූමි ඉදි­කි­රීම සඳහා නාග­රික සංව­ර්ධන අධි­කා­රි­යෙන් අත්කර ගත් මුදල රුපි­යල් මිලි­යන 35ක් වෙනවා. මල්වානේ නිවෙ­සක් මිල දී ගැනීම වෙනු­වෙන් බැසිල් රාජ­පක්ෂ මහතා මිලි­යන 208ක් ලබා­ගෙන තිබෙ­නවා. යැයිද කිවේය.

Trending

Exit mobile version