පුවත්

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු නිකුත් කිරීම වළක්වන්නැයි ඉල්ලා පෙත්සමක්

Published

on

පසුගිය සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

 එම විභාගය සඳහා පෙනී සිටි සිසුන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙවර 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (14) ප්‍රකාශ කලේය.

ඔහු වැඩිදුරටත්  පවසා සිටියේ , අදාළ මතභේදාත්මක ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බවය.

2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් හට ගෙන තිබුණි.

ඒ අනුව, ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කලේය.

ඒ අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ගේ උපදෙස් මත මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීම පිළිබඳව තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා පියවර ගන්නා ලදී.

Trending

Exit mobile version