Connect with us

පුවත්

ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්

Published

on

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව,  එම විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙන බව විභාග දෙපාර්තුමේන්තුව විසින් දැනුම් දෙනු ලැබේ.

2024 මැයි මස 27 දින සිට 2024 ජූනි මස 14 වන දින දක්වා මාර්ගගතව (ඔන්ලිනේ අයදුම්පත් කැඳවීම සිදු කරන බවත් එම නිවේදනයේ සඳහන්ය.

එම නිවේදනය පහතින් දැක්වේ

පුවත්

අධිවේගයෙන් ඉහල ගිය ආදායම

Published

on

By

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබි තිබෙන බව අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩි. කහටපිටිය මහතා සඳහන් කරයි.

ඔහු පැවසුවේ පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා ගෙවුණු දින 10තුළ පමණක් මෙම අදායම ලබාගත් බවය.

එම කාලය තුළ රථවාහන මිලියන 1.3ක් අධිවේගි මාර්ගවල ගමන් කර ඇති බවද ඔහු පවසා සිටියේය.

“මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා දින 10ක් ඇතුළත අධිවේගි මාර්ගවල වාහන මිලියන 1.3ක් ගමන් කර තිබෙනවා. එයින් ආදායම රුපියල් මිලියන 462ක් හිමි වී තිබෙනවා. 

අද දිනයේත් වාහන විශාල ප්‍රමාණයක් ගම්බිම් බලා ගිය ජනතාව අධිවේගි මාර්ග භාවිතා කරනු ඇති බව බලාපොරොත්තු වෙනවා. 

අධිවේගි මාර්ගයට ඇතුළුවීමට පෙර ඔබගේ වාහනයේ තිරිංග පද්ධතිය ටයර්වල තත්ත්වය වගේම ආලෝක සංඥා පද්ධතිය පරීක්ෂා කර ඇතුල්වන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම අධිවේගි මාර්ගවල ගමන් කිරීමේ දී වාහන අතර අවම පරතරය මීටර් 50ක්වත් තබා ගන්නා ලෙසද ආසන පටි තදකර ගන්නා ලෙසද ඉල්ලා සිටිනවා. 

ඒ වගේම අයහපත් කාලගුණික තත්ත්වයකදී වාහනය පාලනය කර ගත හැකි වේගයකින් ගමන් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.  එමෙන්ම ඔබගේ වාහනය ආපදාවකට ලක්වුවහොත් වහාම අපගේ 1969 අංකයට අමතන ලෙස ඉල්ලා සිටිනවා. පැය 24 පුරාම ඔබගේ සේවය සඳහා සැදිපැහැදී සිටිනවා.”

Continue Reading

පුවත්

අදින් ඇරඹෙන පළමු පාසල් වාරයේ තෙවන අදියර

Published

on

By

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පළමු වාරය මැයි මස 9 වන දින අවසන් වීමට නියමිතය.

2025 දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි 14 වන සඳුදා ආරම්භ වන අතර එය අගොස්තු 07 වන දක්වා පැවැත්වේ.

තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 8 වන දින ආරම්භ වන අතර එය ඔක්තෝබර් 17 වන දා දක්වා පැවැත්වේ.

තෙවන වාරයේ දෙවන අදියර නොවැම්බර් 17 වන දා සිට දෙසැම්බර් මස 19 වන දා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Continue Reading

පුවත්

බොහෝ ප්‍රදේශවලට අද වැස්ස

Published

on

By

අද (21) දිනයේ බස්නාහිර සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් හම්බන්තොට, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved