පුවත්

ෂී ගේ අමෙරිකානු සංචාරය අරඹයි (වීඩියෝ)

Published

on

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සිය ඇමරිකානු සංචාරය ආරම්භ කරමින් අද (15) අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලට සම්ප්‍රාප්ත විය.

එහිදී ෂී ජින් පිං මහතා කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් සහ භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ඇතුළු එක්සත් ජනපද නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ඒ මහතා මෙසේ අමෙරිකාවට පැමිණියේ වසර 6කට පසුව වන අතර අවසන් වරට ඔහු අමෙරිකාවට පැමිණ ඇත්තේ 2017 වසරේදීය.

චීන ජනාධිපතිවරයා සැන් ෆ්‍රැන්සිස්කෝ හි අනාවරණය නොකළ ස්ථානයක දී ජෝ බයිඩන් හමුවීමට නියමිත අතර ඉන් අනතුරුව ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සංසදයේ වාර්ෂික සමුළුවට සහභාගී වීමට නියමිතය.

ෂී, සමඟ අමෙරිකාවට පැමිණි දූත පිරිසට චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජික Cai Qi, මහතා හා චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන කාර්යාලයේ අධ්‍යක්ෂ, සහ එහි මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික සහ විදේශ අමාත්‍ය Wang Yi මහතා ද ඇතුළත්ව සිටිති.

Trending

Exit mobile version