බංග්ලාදේශ අගමැතිනිය ෂෙයික් හසීනා සිය තනතුරෙන් ඉල්ලා අස් වී එරටින් පිටව ගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
අද දිනයේදී දැවැන්ත විරෝධතා ගමනක නිරත වූ විරෝධතාකරුවන් දහස් ගණනක්, අගමැතිනියගේ නිල නිවසට කඩාවැදී ඇතැයි ද විදෙස් වාර්ත සඳහන් කරයි.
ඊයේ දිනයේ දී උත්සන්න වූ කලබලකාරී තත්ත්වය හමුවේ පුද්ගලයන් 90ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
කලබල හමුවේ බංගලාදේශයේ අන්තර්ජාල සේවාද අත්හිටුවා තිබුණු අතර, දින 03ක රජයේ නිවාඩුවක් ද ප්‍රකාශයට පත් කර තිබුණි.