පුවත්

සජබේ පෙළපාලියක් පොලීසියෙන් නවතයි

Published

on

කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඊයේ (11) නාම යෝජනා භාර දීමෙන් පසු පැවැත් වූ සමගි ජන බලවේගයේ පෙළපාලියක් පොලිසිය මැදිහත් වී වැළැක්වීමට කටයුතු කර තිබේ.

මෙම පෙළපාලියට සමගි ජන බලවේගයේ ජේ. සී අලවතුවල සහ අශෝක් අබේසිංහ යන මැතිවරණ අපේක්ෂකයින් සහභාගී වී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, පොලිසිය පැමිණ පෙළපාලියේ ගමන් ගත් පිරිසට සහ අපේක්ෂකයින්ට කළ දැනුම් දීමෙන් පසු ඔවුන් විසිර ගොස් තිබුණි.

පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (11) දිනයෙන් අවසන් විය.

එහිදී , දිවයිනේ දිස්ත්‍රික්ක 22ම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කළ අතර,  පක්ෂයක නාම යෝජනා භාර දීමෙන් අනතුරුව වාහන හෝ පාගමනින් පෙළපාලි නොයන ලෙසත් ඒ සඳහා කිසිසේත් ඉඩකඩ ලබා නොදෙන බවටත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය දා උදෙස් නිකුත් කර තිබුණි.

Trending

Exit mobile version