සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
ඒ, මත්ද්‍රව්‍ය වැටලීමකදී ඔහු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා වීමත් සමගය.
ඒ අනුව සමගි ජන බලවේගය විසින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටත් දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමටත් තීරණය කර ඇත.
පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අද (22) රැස්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම තීරණ ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවය.
PT සර් ගෙ නෝනා කුෂ් එක්ක මාට්ටු
මේ අතර මහනුවර ප්‍රධාන පාසලක ක්‍රීඩා උපදේශකවරයකුගේ බිරිය බව කියන කාන්තාවක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
විශේෂ කාර්ය බළකායේ අඹකොටේ මූලස්ථානයට ලද තොරතුරකට අනුව දවුලගල, දොඩම්වල ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධි මත්ද්‍රව්‍ය සමග එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක්, මත්පෙති 33ක් සහ මත් මුද්දර 28ක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකායට හැකි වී තිබේ.
අත්අඩංගුවට පත් කාන්තාව මහනුවර ප්‍රධාන පෙලේ පාසලක රග්බි කණ්ඩායමක ශාරීරික උපදේශකවරයකුගේ බිරිඳක් වන අතර අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සමඟ ඇයව මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට භාර දී තිබෙන බවත් පොලිසිය කියයි .