Connect with us

පුවත්

සජිත්ගේ කුරුණෑගල සංවිධායක පක්ෂෙන් දොට්ට දායි

Published

on

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ඒ, මත්ද්‍රව්‍ය වැටලීමකදී ඔහු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා වීමත් සමගය.

ඒ අනුව සමගි ජන බලවේගය විසින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටත් දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමටත් තීරණය කර ඇත.

පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අද (22) රැස්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම තීරණ ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවය.

PT සර් ගෙ නෝනා කුෂ් එක්ක මාට්ටු

මේ අතර මහනුවර ප්‍රධාන පාසලක ක්‍රීඩා උපදේශකවරයකුගේ බිරිය බව කියන කාන්තාවක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බළකායේ අඹකොටේ මූලස්ථානයට ලද තොරතුරකට අනුව දවුලගල, දොඩම්වල ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධි මත්ද්‍රව්‍ය සමග එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.  

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක්, මත්පෙති 33ක් සහ මත් මුද්දර 28ක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකාය‌ට හැකි වී තිබේ.

අත්අඩංගුවට පත් කාන්තාව මහනුවර ප්‍රධාන පෙලේ පාසලක රග්බි කණ්ඩායමක ශාරීරික උපදේශකවරයකුගේ බිරිඳක් වන අතර අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සමඟ ඇයව මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට භාර දී තිබෙන බවත් පොලිසිය කියයි .

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved