පුවත්

සටන අත්හරින්නේ නෑ; මේ බලාපොරොත්තු ප්‍රතිඵලය තමයි – මහින්ද

Published

on

තම පක්ෂය බලාපොරොත්තු වූ ප්‍රතිඵලය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  මූලස්ථානයට අද(16) පැමිණි අවස්ථාවේදීයි.

තමන් මෙම සටන අත්හරින්නේ නැති බවත්, ලෙහෙසියෙන් දේශපාලනයෙන් සමුගන්නේ නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළේය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී 3.14%ක ප්‍රතිශතයක් සමගින් ඡන්ද 350,429ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු ආසනයක් සමගින් ආසන 3ක් හිමිවිය.

ඒ අනුව, ජාතික ලැයිස්තු ආසනය වෙනුවෙන් පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන බව පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනය කළේය.

අනිත් ආසන දෙක සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඩී.වී. චානක මහතා තේරී පත් වූ අතර ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් චානක මාදුගොඩ මහතා පාර්ලිමේන්තුව සඳහා තේරීපත්විය.

Trending

Exit mobile version