Connect with us

පුවත්

සති තුනකට ඉන්ධන ඇතැයි තෙල් සංස්ථාව කියයි; ඇනවුම් අගොස්තු දක්වා ඇතැයි සභාපති කියයි

Published

on

සති තුනකට ප්‍රමාණවත් ඉන්ධන තොග රජය සතුව ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ලබන අගෝස්තු මාසය දක්වා ඉන්ධන තොග ඇණවුම් කර ඇති බද එහි සභාපති ඩී.ඒ.රාජකරුණා මහතා කියා සිටී.

ඉන්ධන ඇණවුම් 1500 කට වැඩි ප්‍රමාණයක් ඊයේ ලැබී ඇති බවත්, මේවන විට එම තොග බෙදාහරිමින් ඇතැයි ඔහු පැවසීය.

පවතින ගැටලු සම්බන්ධයෙන් ඉන්ධන බෙදුම්කරුවන් සහ ආණ්ඩු පාර්ශවයේ නියෝජිතයින් අතර හෙට (04) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේ, සභාපතිවරයාගේ දැනුම් දීම අනුව හෙට පෙරවරු 9.00 ට එම සාකච්ඡාවට සහභාගී වන බවයි.

මේ අතර, තෙල් සම්බන්ධයෙන් නිර්මාණය වී ඇත්තේ මැවූ අර්බුදයක් බව නියෝජ්‍ය අමාත්‍ය ටී බි සරත් මහතා පවසයි.

පුවත්

මීළඟ විදුලි ගාස්තු සංශෝධනය තෙක් IMF ණය වාරිකය නොලැබේ

Published

on

By

ජුනි මාසයේදී සිදුකෙරෙනු ඇතැයි අපේක්ෂිත මීළඟ විදුලි ගාස්තු සංශෝධනය වන තෙක් අයිඑම්එෆ් පස්වන ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ප්‍රමාද වනු ඇත.

මේ බව  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙලේ ආරංචිමාර්ග “දිවයින”ට තහවුරු කළේය.

මෙයට හේතුව වී ඇත්තේ අයිඑම්එෆ් එක සමග එකඟ වී ඇති  පිරිවැය ආවරණය කෙරෙන මිල ක්‍රමය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රමාද වීමයි.

මෙය ශ්‍රී ලංකාව පැත්තේ ප්‍රමාදයක් මිස අයිඑම්එෆ් ප්‍රමාදයක් නොවන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍රය  – දිවයින

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මර්වින් නැවතත් රිමාන්ඩ්

Published

on

By

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී දැනට අධිකරණය මගහරිමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඇප මත මුදා හැරි මහේෂ් ගම්මන්පිල නැවතත් රිමාන්ඩ්

Published

on

By

ඇප මත මුදා හරින ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ මහතා විසින් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙනි.

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදුකිරීමෙන්,  දූෂණය නමැති වරද සිදුකළේ යැයි ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved