සති තුනකට ප්‍රමාණවත් ඉන්ධන තොග රජය සතුව ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ලබන අගෝස්තු මාසය දක්වා ඉන්ධන තොග ඇණවුම් කර ඇති බද එහි සභාපති ඩී.ඒ.රාජකරුණා මහතා කියා සිටී.
ඉන්ධන ඇණවුම් 1500 කට වැඩි ප්‍රමාණයක් ඊයේ ලැබී ඇති බවත්, මේවන විට එම තොග බෙදාහරිමින් ඇතැයි ඔහු පැවසීය.
පවතින ගැටලු සම්බන්ධයෙන් ඉන්ධන බෙදුම්කරුවන් සහ ආණ්ඩු පාර්ශවයේ නියෝජිතයින් අතර හෙට (04) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේ, සභාපතිවරයාගේ දැනුම් දීම අනුව හෙට පෙරවරු 9.00 ට එම සාකච්ඡාවට සහභාගී වන බවයි.
මේ අතර, තෙල් සම්බන්ධයෙන් නිර්මාණය වී ඇත්තේ මැවූ අර්බුදයක් බව නියෝජ්‍ය අමාත්‍ය ටී බි සරත් මහතා පවසයි.