ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර සීමා සහිතව පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට සතොස තීරණය කර තිබේ.
සෑම පාරිභෝගිකයෙකුටම බිත්තර ලබා දීමේ අරමුණින් මෙසේ සීමා කිරීමට තීරණය කර තිබෙන බව සතොස පවසයි.
දේශීය බිත්තරයක මිල අසීමිත ලෙස ඉහළ යාම හේතුවෙන් ආනයනික බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර ඒවා මිලදී ගැනීම සඳහා සතොස ශාඛා ඉදිරිපිට පාරිභෝගිකයින් පෝලිම් ගැසී සිටින බව වාර්තා වේ.
සතොසට දිනකට බිත්තර මිලියනයක් නිකුත් කෙරෙන අතර ඒ අනුව සතොසින් බිත්තරයක් රුපියල් 35ක මිලකට, බිත්තර 30 බැගින් එක් පාරිභෝගිකයෙකුට මිලදී ගැනීමේ හැකියාවක් පවතී.
එම ප්‍රමාණයද ඉදිරි දින කිහිපය තුළදී සීමා කරන බව සතොස පවසයි.
මේ අතර බිත්තර අලෙවිසල් හිමියන් දේශීය රතු බිත්තරයක් රුපියල් 60කට සහ සුදු බිත්තරයක් රුපියල් 58ක සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.
සබැඳි පුවත් :
බිත්තර හැංගුවේ මිල නැග්ගුවේ ඇමති හා ඥාතියාද?
නලින් ඉන්දියන් බිත්තර නොගෙන්වූ වංගුව වෙළඳ පොළේ බිත්තරේ ආයෙත් 60යි
2024 සිට කුකුළු මස් සහ බිත්තර රටින් ගෙන්නේ නෑ – කෘෂිකර්ම ඇමති
ලබන තුන්මාසෙට බිත්තර මිලියන 92.1ක් ගේන්න ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්