තත්ත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවිසැල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් විශාල දූෂණයක් සිදුකර ඇතිබව සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කලේය.
සතොස ආයතනයේ සිස්ටම් ඔඩිට් මුල් ටෙන්ඩරයේ ලියකියවිලි අතුරුදහන් කර ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව මහතාගේ සමාගම වෙත එය පිරිනමා ඇති බව මන්ත්‍රීවරයා විසින් පවසන ලදී.
එම මුල් ටෙන්ඩරයේ ලියකියවිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් කල යුතු බව ද මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් සඳහන් කරන ලදී.
හෙතෙම සඳහන් කර සිටියේ “සතොස හොර ගුහාවක්” බවට පත්ව ඇති බවය.
සමූපකාර වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා විවාද අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා විසින් මෙම අදහස් දක්වන ලදී.
මූලාශ්‍රය – ලංකාදීප