සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30දා සිට අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ අද (15) කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍යංශය පරිශ්‍රය තුළ විරෝධතාවක් පැවැත්වූහ.
අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් සේවකයන් විශාල පිරිසක් අමාත්‍යංශයට පැමිණ අමාත්‍යංශ ලේකම්වරයා හමුවී ලිපියක් භාරදුන්හ.
සේවකයන් බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වා සතොස සතු දේපළ පෞද්ගලික අංශයට දීමට උත්සහ කරන බව ද එම සේවකයන් චෝදනා කරයි
(මූලාශ්‍රය සහ ඡායාරූපය : ලංකාදීප)