Connect with us

පුවත්

“සදාහරිත” මැඩගස්කර් ව්‍යාපෘතිය නීතිවිරෝධි එකක් යැයි මහබැංකුව කියයි

Published

on

සදාහරිත ප්ලාන්ටේෂන් ආයතනයේ මැඩගස්කර් ව්‍යාපෘතිය යනු කිසිදු නීතිමය අයුරකින් වලංගු බවක් නොවන්නක් බව මහ බැංකුව විසින් කියා සිටී.

සදාහරිත ප්ලාන්ටේෂන් නමින් වල්ලපට්ට, මැඩගස්කර් වැනිලා සහ කටුපොල් වැනි වගා ව්‍යාපෘති සදහා මහ බැංකුවේ නිසි අවසරකින් තොරව ආයෝජන තැම්පතු බාරගනිමින් පවතින බවට මහ බැංකුවට පැමිණිලි රැසක් ලැබී ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පලවිය.

මෙම ආයතනය විසින් “සදාහරිත මැඩගස්කර් වතුයාය” වෙත ආයෝජනය කිරීම ඔස්සේ අනාගත ප්‍රතිලාභ ලබාගත හැකිබව පවසමින් පුළුල් ප්‍රචාරණයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ගෙනයාම සිදුකර තිබිණි.

මෙය කෙතරම් දුරට නීත්‍යානුකූල වන්නේද යන්න Sri Lanka Mirror අප අද (25) මහ බැංකුවෙන් කල විමසීමක දී ඒ සම්බන්ධයෙන් මහ බැංකුව මෙලෙස පැහැදිළි කළ‍ේය.

“සදාහරිත ප්ලාන්ටේෂන් මහ බැංකුවේ ලියාපදිංචි නැහැ. අප හැමවේලාවේම පාරිභෝගිකයාගේ පාර්ශවයට කියන්නේ යම් ආයෝජනයක් හෝ ණයක් ලබාගන්නවා නම් මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයකින් ගන්න කියලා. ඒ සම්බන්ධයෙන් අපේ ආයෝජන රක්ෂණයක් හා අධීක්ෂණ නියාමනයක් වන නිසා. නමුත් අදාළ ප්ලාන්ටේෂන් ආයතනය වැනි ආයතන හා පිරමීඩ් ආයතන, ඔන්ලයින් ලෝන් වැනි ආයතන මහ බැංකුවේ ලියාපදිංචි වීමක් සිදු කරන්නේ නැහැ.

අදාල ආයතන ප්ලාන්ටේෂන් නමින් ක්‍රියාත්මක වුනත් පිරමීඩ් ආයතන ලක්ෂණ තිබුනොත් නීතිපති දෙපාර්තුමේන්තුව යටතේ තහනම් නියෝගයක් ලබාගතහොත් මහබැංකුවට හැකියාව තිබෙනවා අදාළ ආයතනය පිරමීඩ ආයතනයක් වශයෙන් ප්‍රකාශ කරන්න.

යම් ආයතනයක් විසින් ආයෝජන ලබා ගැනීමක් සිදුකරනවා නම් මහ බැංකුවේ ලියාපදිංචි විය යුතුයි.

නමුත් ප්ලාන්ටේෂන් කියන ආයතන ක්‍රියාත්මක වන්නේ ව්‍යාපාර වශයෙන්. එම ආයතන මහ බැංකුවේ ලියාපදිංචියක් සිදුවන්නේ නෑ. අපි පාරිභෝගික පාර්ශවය වෙත හැමවිටම කියන්නේ ඒ සම්බන්ධව අවදානමක් පවතින බවයි යම් අසාධාරණයක් අදාළ ආයතනය පැත්තෙන් වුවොත් පොදු නීතිය භාවිතා කරන්න පුළුවන්. නැත්නම් ඔම්බුඩ්ස්මන් කාර්යාලයකින් සහය ලබාගන්න පුලුවන්”

සතීස් නවරත්න නම් අයකුට අයත් මේ ආයතනයට 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ හෝ 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ හෝ කුෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර කටයුතු වල නිරත වීම සදහා 2016 අංක 06 දරණ ක්ෂුද්‍ර මූල්ය පනත යටතේ හෝ කල්බදු මූල්‍ය ව්‍යාපාරයන්හී නිරත වීම සදහා 2000 අංක 56 දරණ කල්බදු මුල්‍ය කරණ පනත යටතෙ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබාදී නොමැත.

මේ සමාගම ආරම්භක සමයේදී ම‍හෝගනී ශාඛ සඳහා විශාල ප්‍රතිලාභ ලබාදෙන බව කියමින් ජනාතාවගේ මුදල් තැන්පතු ලබාගෙන ඇත.

කෙසේවුවද, මහෝගනී ගස් සදහා වැළදුනු දිලීර ආසදනයක් හේතුවෙන්, ඔවුන්ගේ එම ව්‍යාපෘතිය අවසන් කර ඇති අතර එහි ආයෝජකයන්ට නැවත මුදල් ගෙවා ඇත්තේ “මනී රෝටේෂන්” (Rotation of Money) නමින් අන්තර්ජාතිකව තහනමකට ලක් වූ පිරිමීඩ ක්‍රමයකින් බවට ද අදාළ පැමිණිලිකරුවෝ පවසා තිබේ.

මේ අතර, 2004 දී ඉංගිරිය ප්‍රදේශයේ රඹුටන් වගාවක් සඳහා වසර 25ක කාලයකට එක් ශාඛයකට රුපියල් 25,000 ක මුදලක් ආයෝජන ලෙස ලබාගෙන තිබේ.

එහි, රඹුටන් ශාක 1317 ක් වගා කළද  බලාපොරොත්තු වූ පරිදි අස්වැන්න ලබා ගැනීමට අපොහොසත් වීම, නඩත්තු පිරිවැය අධික වීම සහ ස්වභාවික ව්‍යසන හේතුවෙන් එම වගා ව්‍යාපෘතිය අත්හැර දමමින් එහි ආයෝජකයන්ට මුදල් ගෙවා ඇත්තේ ද “මනී රෝටේෂන්” ක්‍රියාවකින් බවට චෝදනා එල්ලවී තිබේ.

මෙරට තුළ වගා සිදු කිරීමෙන් පසු ශාක සදහා ආයෝජනය කල පිරිස් සහ බාහිර බලපෑම් හේතුවෙන් විශේෂයෙන් වගා ඉඩම් පෙන්වීමට සිදු වීමට සිදුවීම නිසා එම සමාගම විසින් මැඩගස්කරයේ සිදුකරනවා යැයි පැවසෙන වැනිලා හා කටුපොල් වගාවන් සඳහා ද මේවන විට මෙරට ජනතාවගෙන් තැන්පතු ලබාගෙන ඇති බව හෙළිව තිබේ.

මේ වගාවන් පිළිබඳව ඡායාරූප සාක්ෂියක් හෝ නොපෙන්වන සදාහරිත ප්ලාන්ටේෂන් මෙරටින් පිටරටට මුදල් යැවීම ද මේ හරහා සිදු කිරීම සම්බන්ධ ව්‍යාපෘතියට කිසියම් දේශපාලන සහයක් ද ලබාගන්නා බව අනාවරණය වේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය අනාවරණය වීමත් සමඟ සිය Facebook පිටුවේ පෝස්ටුවක් තබමින් ඔවුන් සඳහන් කරන්නේ ආයතනයේ කීර්තිනාමයට කැළලක් එක්කීරීම වෙනුවෙන් පුද්ගලයින් විසින් නිර්මාණය කරන කටකතා පතුරුවා හරින බවකි.

Facebook Post

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved