පුවත්

සරම්ප එන්නත් වැඩසටහනක් ලබන සතියේ

Published

on

නොවැම්බර් 04 – 09 වැනිදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වයස මාස 9දී බිලිඳුන්ට සරම්ප එන්නත ලබාදෙන අතර, ඊට පෙර කාලය තුළදී එම බිළිඳුන්ට සරම්ප රෝගය වැළඳීමේ දැඩි අවදානමක් පවතී. 

කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙල දිවයින පුරා තෝරාගත් දිස්ත්‍රික්ක 12ක සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි.

Trending

Exit mobile version