මුදල් නොමැතිකම හේතුවෙන් අධිවේගී මාර්ග කොටස් 03ක ඉදිකිරීම් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසා තිබේ.
‘ලංකාදීප’ වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පවසා තිබේ.මෙසේ නතර වී ඇත්තේ රුවන්පුර අධිවේගී මාර්ගය මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ දඹුල්ල කොටස සහ නුවර කොටස්වල ඉදිකිරීම් වන බව එහි දැක්වේ.
තවද, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදි කිරීම් කටයුතු ඉතා සෙමින් කරගෙන යන බවත් එහි වැඩ කටයුතුද සක්‍රීය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු පසුව බවත් ඔහු පවසා ඇත.
(මූලාශ්‍රය : ලංකාදීප)