ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115000ක් මේ වනවිට වෙළෙඳපොළට මුදා හැර ඇති බව රේගුව පවසයි.
කැකැළු සහල් මෙට්‍රික්ටොන් 45,000ක් සහ තැම්බු සහල් මෙට්‍රික්ටොන් 70000ක් ඒ අතරට ඇතුළත්ය.
සහල් ආනයනය සඳහා රජය ලබා දී ඇති කාලය හෙටින් (10) අවසන් වේ.
වෙළෙඳපොළේ පැවති සහල් හිඟය සැලකිල්ලට ගෙන රජය විසින් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය සඳහා අවසර ලබා දුන්නේ ය.