පුවත්

සහෝදරයෙක් නැති මට මාධ්‍යවේදීන් කියන්නේ සහෝදරයින්

Published

on

සහෝදරයෙක් නොමැති තමන් මාධ්‍යවේදීන් සිය සහෝදරීන් හැටියට සලකන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින් ද ජයතිස්ස මහතා පවසයි.

කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ඇසිදිසි පියවර මාධ්‍ය වැඩමුළුවේ සමාරම්භක දේශනය කරමින් ඇමතිවරයා මේ බව පවසා සිටියේය.

තම මාධ්‍ය සහෝදරයින්ගේ කැපවීම උනන්දුව හා ලෙන්ගතුකම මත තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධුරය පමණක් නොව ජනමාධ්‍ය ඇමති ධූරයද හිමි වී ඇති බව ජයතිස්ස මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය නිදහස හා මාධ්‍ය වෘත්තිය භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන්  රජය නිරන්තරයෙන් කැපවෙන බවත්,ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට ඉඩ සලසමින් සෑම පැත්තකින්ම මාධ්‍යවේදියා හා ජනතාව ආරක්ෂා කරන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

තවද මාධ්‍යවේදීන් උදෙසා වරලත් ආයතනයක් ඇති කිරීමට කටයුතු සම්පාදනය කරන බවද පැවසු නලින්ද මහතා මෙවර අයවැයෙන් රුපියල් ලක්ෂ 260ක මුදලක් මාධ්‍ය උන්නතිය සඳහා වෙන්කර ඇති බව පෙන්වා දුන්නේය

Trending

Exit mobile version