සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට අදාළව පලවන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු විසින් වෙනත් රැකියා ස්ථානයකට මාරුවී ගිය අවස්ථාවේදී රැගෙන ගොස් ඇති බවත් ඒ වෙනුවට වෙනත් කුඩා මෝටර් රථයක් දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවත් විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
අදාළ කමිටු වාර්තාව ලැබීමෙන් පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්.උදය කුමාර මහතා දන්වා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.