Connect with us

පුවත්

සාගලට ගුටි දෙන්න ගිය කැලණියේ අමල්ට වැඩවරදියි?

Published

on

එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායක අමල් රොඩ්රිගෝ මහතා, හිටපු ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී හා එජප ජාතික සංවිධායක සාගල රත්නායක මහතාට පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කිරීමට එම පක්ෂය සැරසෙන බව වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ සම්බන්ධයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ සාකච්ඡාවක අවසන් වීමෙන් පසුව අමල් මෙසේ සාගලට පහරදීමට ගිය බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.

එම අවස්ථාවේ සාගල බේරාගෙන තිබුණේ ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරින් විසින් ඔහුව රැස්වීම් කාමරයේ රඳවාගෙන දොර වසාගෙනය.

ආරක්ෂකයෝ දොර වසා ගැනීමෙන් පසුව ‘‘සාගල දේශපාලනය කරන්නේ දන්නේ නැහැ. පක්ෂයත් කෑවා’’ කියමින් කැලණිය සංවිධායකවරයා අසභ්‍ය වචන කියමින් ඔහුට බැණ වැදුණ බවත් පැවසේ.

හිටපු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂකයන් ඉවත් කළත් මෙතෙක් සාගල රත්නායකට දී ඇති ආරක්ෂකයන් ඉවත් නොකර තිබීම ගැනද මෙහිදී සංවිධායකයින්ගේ කතා බහට ලක්ව තිබේ.

මූලාශ්‍රය – සති අග අරුණ

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved