Connect with us

පුවත්

නයිට් ක්ලබ් ගැටුමේ  4ක් රිමාන්ඩ්(UPDATE)

Published

on

කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවූ සැකකරුවන් 4 දෙනා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරුවන් අද (27) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඊයේ (26) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශයට භාරවූ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගත්තේය.

පසුගිය දා ඇතිවූ එම ගැටුම සම්බන්ධයෙන් ඉකුත් 25 වනදා යෝෂිත රාජපක්ෂ මහතා පැය 3කට ආසන්න කාලයක් කොම්පඤ්ඤ වීදිය පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදී තිබුණි.

ගැටුමින් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු පහරකෑමට ලක්විය.

තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගෙන තිබුණි.

(පෙර පුවත 2025 මාර්තු 27 පෙ.ව.8.01)


සාශාගේ නයිට් ක්ලබ් එකේ බවුන්සර්ලාට ගුටි ඇන්න හතර පොලිසියට බාරවෙයි!

යූනියන් පෙදෙස පාක් වීදියේ Octopussy Colombo රාත්‍රී සමාජ ශාලාවේ ඇතිවූ ගැටුම, සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි බව කියන පුද්ගලයින් 04 දෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය පැමිණ බාරවීමෙන් පසුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.

අදාළ පිරිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ, පසුගිය 20 වැනිදා යූනියන් පෙදෙසේ අදාළ රාත්‍රී සමාජ ශාලාවට ගොස් තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ තුළට ඇතුලු වීමේදී හඳුනාගැනීමේ අත් පළඳනාව පැළඳීම, රාජපක්ෂ යුවල ප්‍රතික්ෂේප කළ බව කියන සිදුවීමත් සමඟ, ඔවුන් සමග සිටි පිරිස එහි ආරක්ෂක නිලධාරියාට පහරදී ඇති බවද වාර්තා විය.

එම සිද්ධිය පිළිබඳ විමර්ශන මීට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය සිදු කළ අතර මේ වන විට එම විමර්ශන කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට භාරදී  තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගෙන් කොම්පඤ්ඤවිදිය පොලිසිය පෙරේදා (25) ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.

මෙම සමාජ ශාලාවේ අයිතිකාරිය යැයි කියන සාශා ජයසුන්දර නැමැත්තියගේ පැමිණිල්ලක් මත අදාළ පරීක්ෂණ සිදුකරනු ලබයි.

සබැඳි පුවත්

පුවත්

මියන්මාරයට ලක් රජයෙන් මූල්‍ය ආධාර ලබාදෙයි

Published

on

By

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.

ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් (Marlar Than Htaik) මහත්මිය වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පිරිනමනු ලැබීය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද විපතට පත්  මියන්මාර් ජනතාව වෙනුවෙන් මූල්‍යමය ආධාර ලබාදීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුලු රජයට සිය කෘතඥතාව පිරිනමන බව ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරිය මෙහිදී සඳහන් කළාය.

එසේම එම අසීරු අවස්ථාවේ සහන කණ්ඩායම් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොමු කිරීම පිළිබඳවද ස්තූතිය පළ කළ තානාපතිවරිය, ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින දිගුකාලීන ආගමික සහ සංස්කෘතික මිත්‍රත්වය එමගින් තවදුරටත් තහවුරු වනු ඇති බව සඳහන් කළාය.

භූ කම්පනයෙන් පසු මියන්මාරයේ වත්මන් තත්ත්වය පිළිබඳවද තානාපතිවරිය මෙහිදී ජනාධිපති ලේකම්වරයා වෙත  කරුණු පැහැදිලි කළාය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මියන්මාර් තානාපති කාර්යාලයේ Winh Wint Khaus Tun, Lei Yi Win යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

පාස්පෝට් කාර්යාලයෙන් නිවේදනයක්

Published

on

By

අප්‍රේල් මස එළැඹෙන 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද (10) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ ටෝකන් පත් නිකුත්කිරීම එම දිනවල මධ්‍යහන 12 දක්වා පමණක් සිදු කෙරෙන බවයි.

එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත සඳහන් දිනවලදී ක්‍රියාත්මක නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Continue Reading

පුවත්

වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු

Published

on

By

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.

මොවුන් මීට මාස 03 කට පමණ පෙර සංචාරක වීසා බලපත්‍ර යටතේ 17 දෙනකු ද, නේවාසික වීසා බලපත්‍ර යටතේ 04 දෙනකු ද, ව්‍යාපාර වීසා බලපත්‍ර යටතේ 01 අයකු ද වශයෙන් මෙරටට ඇතුලු වී තිබේ .

සැක කටයුතු ඉන්දීය ජාතිකයන් දෙදෙනකුගෙන් , ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්  ,හදිසියේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී , අනාවරණය කර ගත් තොරතුරු මත වයස අවුරුදු 25 ත් – 35 ත් අතර පසුවන මෙම ඉන්දීය ජාතිකයන් පිරිස , රාජගිරිය ප්‍රදේශයේ කාර්යාල සංකීර්ණයක සේවය කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ .

(ලංකාදීප)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved