පුවත්

සා.පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Published

on

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාර පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම අද(11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විභාගය අවසන් වන තෙක් ඊට අදාළ අත්පත්‍රිකා බෙදා හැරීම ද තහනම් වන බවය.

එම නියෝගය කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය, ලබන 17 වැනි දා සිට 26 වැනි දා දක්වා පැවැත්වෙනු ඇත.

Trending

Exit mobile version