පුවත්

සා.පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

Published

on

2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2024.07.09 සිට 2024.07.19 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ, අපේක්ෂකයින් 169,007 දෙනෙකු සඳහා ය.

සෞන්දර්ය විෂයෙහි අවසන් ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගි කර ගන්නා බැවින් ඒ සඳහා පෙනී සිටීම අනිවාර්යය වන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබේ.

විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයින් සඳහා එම විෂයට අදාළ ප්‍රතිඵල ලබාදීම සිදු නොකරන බවය.

Trending

Exit mobile version