ජපන් රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකි වනු පිණිස කොළඹ පිහිටි ජපාන රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළඹීම සඳහා උචිත කාලරාමුවක් සකස් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
මේ සම්බන්ධයෙන් අද (05) දිනයේදී පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පවසා සිටියේ මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි මෙරටට ගෙන ඒමත් අපේක්ෂාව බවයි.
මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි මෙරටට ගෙන ඒමත් අපේක්ෂාව