පුවත්

සිනමන් ලේක් සයිඩ් හෝටලය පාරිභෝගිකයකුට නරක් වූ සුප් එකක් දීලා?

Published

on

සිනමන් ලේක් සයිඩ් කලම්බෝ (Cinnamon Lakeside  Colombo) හෝටලයේ “ද ඩයිනින් රූම්” වෙතින් පාරිභෝගිකයකුට නරක් වූ සුප් කොප්පයක් ලබාදී ඇති බව බොරැල්ල වෛද්‍ය පරීක්ෂක ආයතනය කළ පරීක්ෂණයකින් තහවුරු කරගෙන ඇතැයි වාර්තා වේ.

පසුගිය 02 වැනිදා එහි රාත්‍රී ආහාර ගැනීමට ගිය යුවලක් විසින් තමන්ට නරක්වූ සුප් කෝප්පයක් ලබාදුන් බවට කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයට කළ දැනුම්දීමකට අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එහි පැමිණ ලබාගත් සාම්පලක් බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ලබාදීමෙන් පසුව සිදුකළ පරීක්ෂණයකින් මේ බව හෙළිව තිබේ.

මේ සුප් කොප්පය පානය කළ තැනැත්තා සුප් කොප්පය අප්‍රියවීම හේතුවෙන් පසුව වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති බවද වාර්තා වේ.

රාගම මහබාගේ පිහිටි “පීපල්ස් හොස්පිට්ල්” නැමැති වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඔහු මෙසේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත.

එම වෛද්‍ය මධ්‍යස්ථානයෙන් නිකුත් කළ බිල්පත් පහත දැක්වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිනමන් ලේක් සයිඩ් කලම්බෝ (Cinnamon Lakeside  Colombo) හෝටලයට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර පසුව බලාපොරොත්තු වෙන්න.

සැබැඳි පුවත්:

Cinnamon Lakeside වෙත PHI ලා කඩා පනියි (වීඩියෝ) – Sri Lanka Mirror – Right to Know. Power to Change

Trending

Exit mobile version