සියඹලාණ්ඩුව මෙගාවොට් 100 ක සූර්ය බල ව්‍යාපෘතියේ ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී අනීතිකව අධික මිලකට මිල ගණන් සැපයූ අයකුට ටෙන්ඩර් සැපයීම නිසා රුපියල් කෝටි 8700 ක පාඩුවක් මහජනතාවට සිදුවී ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් සාධාරණ මෙන්ම විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසුවේය.
මෙවැනි විශාල මුදලක පාඩුවක් සිදුවන්නේ රජයට සහ මහජනතාවට බවත් මෙම සියඹලාණ්ඩුව ව්‍යාපෘතිය පිටුපස තිබෙන බොහොමයක් තොරතුරු නීතිමය තත්වයන් යටතේ මාධ්‍යයට හෙළි කිරීමට නොහැකි වුවත් ඉදිරියේදී එම තොරතුරු නීතිමය තත්ත්වයන් යටතේ හෙළි කරන බවත් ලේකම්වරයා පැවසුවේය.
මෙම සූර්ය බල ව්‍යාපෘතියට අඩු ගණන් යටතේ ටෙන්ඩර් කැඳවූ සමාගම්වලට අවස්ථාව ලබා නොදී වැඩි ගණනකට ටෙන්ඩර් කැඳවූ සමාගම්වලට අවස්ථාව ලබාදී තිබෙන බවත් දිගින් දිගටම මෙම ව්‍යාපෘතියට විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහ ජනතාව පෙළගස්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවන පාඩුවට විරෝධය පළ කරමින් ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ මූලිකත්වයෙන් නිහඬ උද්ඝෝෂණයක් ද පැවැත්විය.