සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කඩිනමින් අලුත් වාහන ලැබෙනු ඇති බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල යාන්ත්‍රික හා උපකරණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා ( 18 ) එක් වෙමිනි.
“ අපි බලාපොරොත්තු වෙනවා හැම මන්ත්‍රීවරයකුටම වාහනයක් ලැබෙයි කියලා. මෙතෙක් මන්ත්‍රීවරුන්ට එහෙම වාහනයක් ලැබිලා නැහැ. ඇමැතිවරයකුට හරි මන්ත්‍රීවරයකුට හරි තමන්ගේ රාජකාරි ඉටු කිරීම සඳහා වාහනයක් ඕනේ වෙනවා . අපට ඒක ප්‍රතික්ෂේප කරන්න බැහැ . මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීම සඳහා එකඟතාවකට ඇවිත් තියෙන්නේ. ඒක ඩබල් කැබ් එකක්ද වෙන එකක්ද කියලා තාම දන්නේ නැහැ. කොහොම වුණත් අලුත් වාහන ඉදිරි මාස කිහිපය තුළ ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. මොකද තියෙන වාහන බොහොම නරක විදිහට අවභාවිත කරලා. පාවිච්චි කරන්න බැහැ” යනුවෙන් ද මන්ත්‍රීවරයා කීවේය.
මූලාශ්‍රය – අරුණ