දේශපාලනඥයන් පිරිසක් විසින් සීගිරිය වන රක්ෂිතයේ වරින් වර පුද්ගලයන් බලෙන් පදිංචි කරවීමෙන් එම රක්ෂිතයට හානි සිදු වෙමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පරිසරය ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදි තොරතුරු අනාවරණය වී තිබේ.
එසේම සීගිරිය වන රක්ෂිතය ගැසට් කිරීමට පෙර පදිංචි අයගේ අයිතිය ආරක්ෂා කරන ලෙසට ද කමිටුව මෙහිදි නිර්දේශ කර ඇත.
සීගිරිය වන රක්ෂිතය ගැසට් කිරීමට පෙර පදිංචිව සිටි පුද්ගලයන් පිලිබඳව කමිටුවට ඉදිරිපත් කර තොරතුරු සොයා බලා ඉදිරිපත් කරන ලෙස එම කමිටුවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.
වන සංරක්ෂණ හා වනජීවි රක්ෂිතවල ඇති පෞද්ගලික ඉඩම් රජයට අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්නැයි ද පරිසරය ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අදාල නිලධාරීන්ට නිර්දේශ කර ඇත.
එසේම රටේ වන රක්ෂිතය 29.5% සිට 32% දක්වා වැඩි කිරීමට සැලසුම් සකස් කරන ලෙසත් එම කමිටුව නිර්දේශ කර තිබේ.