පුවත්

සීතාවක ඔඩිසි දුම්රිය හෙට සිට යළි සති අන්තයේ

Published

on

තාවකාලිකව අත්හිටුවා තිබූ සීතාවක ඔඩිසි දුම්රිය හෙට (28) සිට යළි සති අන්ත දිනවල ධාවනයට එක් කරන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසයි.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ඒ අනුව සීතාවක ඔඩිසි දුම්රිය හෙට (28) උදෑසන 8.25 ට කොළඹ කොටුවෙන් නැවත ගමන් ආරම්භ කර පස්වරු 6.50 ට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් යළි කොළඹ කොටුව බලා පැමිණීමට නියමිත අතර හෙට සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ධාවනය කෙරේ.

සබැඳි පුවත් : 

සීතාවක ඔඩිසි දුම්රිය දැන් සෙනසුරාදාටත්  

Trending

Exit mobile version