සීදුව – කිදීගොඩ ප්‍රදේශයේ දඩු ගං ඔයේ මියගිය පිරිමි පුද්ගලයෙක්ගේ මෘත දේහයක් ඇති බවට ඊයේ (28) සීදුව පොලිසියට ලැබුණු පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහු වයස අවුරුදු 45ත් 50ත් අතර උස අඩි 05යි අගල් 10ක් පමණ පුද්ගලයෙකි.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබේ.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.