ගලගම කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ යූටියුබ් නාලිකාවක් විසින් තමාගේ මහන සහතික, උපසම්පදා සහතික සමාජ මාධ්‍ය තුළට මුදාහරිමින් තමාට මරණීය තර්ජන ඇතිවන ආකාරයට කටයුතු කරමින් සිටින බව පවසමින් බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ විසින් අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසුව සීලරතන හිමියෝ මෙසේද පැවසූහ.
“තව ටික දවසකින්, අපේ නලුවෙක් ඉන්නවනේ..නළු බට්ටෙක්…බොඩිබිල්ඩර් ඉන්නවනේ…මයික් එකෙන් ඡන්ය ඉල්ලන…ඔකා රන්ජන් රාමනායක…එයාට විරුද්ධව මම තව ටික දවසකින්ම සීඅයිඩී එකට පැමිණිල්ලක් කරනවා…මොකද්ද සිද්ධාර්ථ කුමරුගේ යශෝධරා දේවියට අපහාස වන විධියට කතා කිරීම සම්බන්ධයෙන්”