කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ ගෘහ සේවිකාවක ලෙස සේවය කර වැලිකඩ පොලිසියේ අත්අඩංගුවේ සිටියදී අබිරහස් ලෙස මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. පී. එස්. ජයමහ මහතාගේ අධීක්ෂණය මත මෙම විමර්ශනය සිදුකරන අතර මේ වෙනුවෙන් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු වැලිකඩ පොලිසියේ පසුගිය 13 වැනිදා සේවය කළ නිලධාරීන් පිරිසගේ ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.
සුධර්මා නෙත්තිකුමාර පසුගිය 11 වැනිදා වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණේ රාජගිරියේ පිහිටි නිවසේ මෙහෙකාරියව සිටි කාන්තාව තම රන් මුදුවක් හොරකම් කර ඇති බවටය.
මෙම පැමිණිල්ලට අනුව විමර්ශන සිදුකළ වැලිකඩ පොලිසිය ගෘහ සේවිකාව අත්අඩංගුවට ගෙන තිබිණි.
එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවකි.
සබැදි පුවත්
සුධර්මාගේ ගෙදර සොරකමේ සැකකාර මෙහෙකාරිය පොලිසිය තුළ රෝගී වී මරුට