පුවත්

සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරියක්

Published

on

ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්‍රමිතිකරණය කිරීම, සමාජ හානි අවම කිරීම, සංචාරක කේෂ්ත්‍රය ප්‍රවර්ධනය හා ආර්ථික වර්ධනය කිරීම සඳහා ස්වාධීන නියාමන ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් 2023-06-26 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

එම පනත් කෙටුම්පත් කිරීමේ කාර්යය අඛණ්ඩව කර ගෙන යාම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය අවශ්‍ය බව නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනුම් දී ඇත.

ඒ අනුව, එකී පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපන්තිමය අනුමැතිය ලබා දීම පිණිය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Trending

Exit mobile version