Connect with us

පුවත්

සේවක විරෝධය නිසා රූපවාහිනියේ වෙබ් රේඩියෝව තාවකාලිකව අත්හිටුවයි!

Published

on

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙදී දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් ලෙස අනාවරණය වූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව අද (14) ආරම්භ කිරීමට නියමිතව තිබූ වෙබ් රේඩියෝව තාවකාලිකව අත්හිටුවීමට එහි සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සේවකයන්ට පොරොන්දුවක් දී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සභාපතිවරයා අද (14) පෙරවරුවේ රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ලොබියේ රැඳී සිටියදී සේවක පිරිසකගෙන් එල්ලවූ විරෝධයක් සඳහා ප්‍රතිචාර දක්වමින් ඔහු මේ පොරොන්දුව ලබාදී ඇත.

ඊයේ (13) ලංකා විදුලිබල මණ්ඩලය විසින් රූපවාහිනිය විසින් විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කර ඇති අතර පසුව එය මුදලක් ගෙවා තාවකාලිකව ලබා ගැනීමට කටයුතු කර තිබූ බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද,සභාපතිවරයා සේවකයන්ට පවසා ඇත්තේ රූපවාහිනීයේ 42 වැනි සංවත්සරය වෙනුවෙන් Ru Radio නමින් වෙබ් රේඩියෝවක් ආරම්භ කිරීමට යන බව තමන් නොදන්නා බවයි.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් වීඩියෝ දැන්වීම් පවා රූපවාහිනිය පල කර තිබූ අතර එය Ru Radio ලෙස https://rupavahini.lk/ru-radio ඔස්සේ පරීක්ෂණ විකාශයක්ද ආරම්භ කර තිබිණි.

ජාතික රූපවාහිනිය මේ වන විට මිලියන තුන්දහසකට අධික මුදලක් ණයවී ඇතැයි එහි වෘත්තීය සමිති පෙන්වා දී තිබේ.

ඒ අතර, රජයට ගෙවිය යුතු වැට් මුදල් වසර ගණනාවකින් ගෙවා නොමැති අතර සේවකයින්ගේ ඊපීඑෆ් සහ ඊටීඑෆ් මාස ගණනාවකින් ගෙවා නැතැයි ද පැවසේ.

විශ්‍රාම පාරිතෝශිකය ගෙවිය යුතු විශ්‍රාමිකයින් ගණන 40කට අධික බවත්, ඇතැම් විශ්‍රාමිකයින් නඩු මගට බැස ඇති බවද වාර්තා වේ.

විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව අවස්ථා 10කදී පමණ රූපවාහනියේ විදුලිය විසන්ධි කර ඇති අතර එහි විකාශනය වූ ටෙලි නාට්‍ය වලට ගෙවිය යුතු හිග මුදල් ඉල්ලා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරු පැමිණෙන විට ජාතික නාලිකාවේ මුදල් කළමනාකරු සැඟවෙන තත්ත්වයක් මේවන විට මතුව ඇතැයි ද පැවසේ.

ආයතනය ගොඩ දමා ගැනීමට හදුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ව්‍යාපෘතියෙන් සේවය අතහැර ‍‍ගොස් ඇත්තේ සේවකයන් 65ක් පමණ වුවද ඔවුන්ටද විශ්‍රාම පාරිතෝශිකය සහ ඊපීඑෆ් සහ ඊටීඑෆ් ගෙවා ගැනීමට නොහැකිව මූල්‍ය අංශය දැඩි අසීරුතාවයකට ලක්ව ඇතැයිද වාර්තා වේ.

එහි සේවකයන් ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට මෙන්ම එහි වත්මන් සභාපතිට ද මේ කඩා වැටීම් සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල කරණ අතර, චැනල් අයි නාලිකාව සුභාෂ්කරන් අලිරාජාට ලබාදීමේ ගනුදෙනුව දූෂිත එකක් බවට ද චෝදනා එල්ල කරති.

එහිදී දෙමළ ජනතාවට ලංකාව පුරා පෙනුන නේත්‍රා නාලිකාවේ විද්‍යුත් සංඛ්‍යාතය අල්ලිරාජාට ලබාදෙමින් චැනල් අයි විද්‍යුත් සංඛ්‍යාතය නේත්‍රා නාලිකාව බවට පරිවර්තනය කර කූට ගනුදෙනුවක් කළ බවට ද ස‍ේවකයෝ චෝදනා කරති.

සබැඳි පුවත්:

පාඩු ලබන රූපවාහිනියෙන් අරින වෙබ් රේඩියෝව – Sri Lanka Mirror – Right to Know. Power to Change

රූපවාහිනියේ මනි ලොන්ඩ්‍රියක් දාලා?: කාටද මේ බොරු කරන්නේ – Sri Lanka Mirror – Right to Know. Power to Change

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved