ජර්මනියේ ආගමික රුස්වීම් ශාලාවක දී පුද්ගලයින් 07 දෙනෙකු වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයා මානසිය රෝගී තත්ත්වයකින් පෙළෙන්නෙකු බවට හෙළිවී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
තිස්පස් හැවිරිදි අදාළ පුද්ගලයාට ගිනි අවියක් ළඟ තබා ගැනීම සඳහා බලපත්‍රයක්ද හිමිව තිබූ අයෙක් බවද පැවසේ.
මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් මාස හතක ගැබිනි කාන්තාවක් ඇතුළු 08 දෙනෙකු තුවාල ලබා ඇත.
ගැබිනි කාන්තාවගේ කුස තුළ සිටි දරුවා වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගියදා ජර්මනියේ නගරයක පැවති ආගමික රැස්වීමකට කඩාවැදුණු අදාළ පුද්ගලයා එහි දේශනයට එක්ව සිටි බැතිමතුන්ට වෙඩිතබා ඝාතනය කර තිබුණි.
මෙම සිදුවීමෙන් අතතුරුව ගිනි අවි සන්තකයේ තබාගැනීමට දැඩි ලෙස පාලනය කිරිම සඳහා නව නීතියක් ගෙන ඒමට පියවර ගන්නා බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
සබැඳි පුවත්
නාඳුනන තුවක්කු කරු 7ක් මරා දමයි!