Connect with us

පුවත්

හතළිහේ ප්‍රියමාලි විසිහයේ අප්පච්චි එක්ක අට පාරක් රට ගිහින්!

Published

on

ප්‍රකෝටිපතියන් රවටා රුපියල් බිලියන ගණනක් වංචා කළ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි සිය අනියම් පුරුෂයා සමග සුඛෝපභෝගී විදෙස් සංචාර 08ක යෙදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (18) දන්වා සිටියේය.

40 හැවිරිදි තිලිණි ප්‍රියමාලිගේ 26 හැවිරිදි අනියම් පුරුෂයා වන දිසානායක මුදියන්සේලාගේ ඉසුරු ශම්මික බණ්ඩාර කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා හමුවට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එලෙස දන්වා සිටියේය.

මෙම සැකකාර ඉසුරු බණ්ඩාර නමැත්තා තිලිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරවල අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් අවස්ථා කිහිපයකදී සැකකාරියගෙන් ලබාගත් රුපියල් කෝටි 08ක මුදලක් ඩොලර් බවට පත් කර තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වූයේ යැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

ඇමෙරිකන් ඩොලර් 60000ක් ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් සහ රත්රන් කිලෝවක් වංචා කරන ලදැයි කොළඹ බ්‍රිස්ටල් වීදියේ විදෙස් මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අබ්දුල් හසන් කමල් හසන් කළ පැමිණිල්ලකට අනුව සැකකාර ඉසුරු බණ්ඩාර අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

තිලිණි ප්‍රියමාලි නමැති සැකකාරියට පැමිණිලිකාර කමල් හසන් හඳුන්වා දී ඇත්තේ ද සැකකරු විසින් බවත්, සැකකාරිය සිදු කර ඇතැයි කියන මහා පරිමාණ වංචාවන්ට ඔහුද ආධාර අනුබල දී ඇතැයිද පොලිසිය දන්වා සිටියේය.

මෙම සැකකරු මෑතකදී රුපියල් ලක්ෂ 300කට වාහනයක් විකුණා ඇතැයි දන්වා සිටි පොලිසිය වංචා කරන ලදැයි කියන රත්රන්වලින් සැලකිය යුතු කොටසක් සැකකරු සන්තකයේ පවතින බවද දන්වා සිටියේය.

සැකකරු 2019 වසරේ දී මුහුණු පොත හරහා තිලිණි ප්‍රියමාලි සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන තිබෙන බව දන්වා සිටි පොලිසිය තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලි සමග සැකකරු සිදු කරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බවද දන්වා සිටියේය.

මේ අතර, ඔහු පෙනී සිට ඇත්තේ ඇගේ සැමියා ලෙසිණි බවත්, එසේම ඇයත් සිය සැමියා ලෙස හඳුන්වා දී ඇත්තේ ඔහුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු වලින් වාර්තා වේ.

තිළිණි ඔහු අමතා ඇත්තේ “අප්පච්චි” ලෙසින් බවද පැවසේ.

මෙම වංචාවන් සම්බන්ධයෙන් සංකීර්ණ විමර්ශනයක් සිදු කරන බැවින් සැකකරු රිමාන්ඩ් බාරයේ තබන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සංකීර්ණ විමර්ශනයක් පවත්වන බැවින් සැකකරු අද (19) තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියම කළේය.

මෙම සැකකරු සන්තකයේ තිබෙන බව කියන ‘රෙක්ස්ටන්’ වර්ගයේ ජීප් රථය කිසිදු පැවරීමක් සිදු නොකරන ලෙසට නියෝගයක් ද මහෙස්ත්‍රාත්වරිය නිකුත් කළාය.

මෙම නඩුව අද දින යළි කැඳවීමට නියමිත අතර ඒ අනුව රිමාන්ඩ් බාරයේ සිටින තිලිණි ප්‍රියමාලි නමැති සැකකාරිය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමටද නියමිතය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved