Connect with us

පුවත්

අටමස්ථානාධිපති සිරිනිවාස නාහිමි අපවත්වෙති

Published

on

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ (18) රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බව වාර්තා විය.

උන්වහන්සේ අපවත්වන විට 69 වැනි වියේ පසුවිය.

මීට සති තුනකට පමණ පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බව වාර්තා වේ.

1953 වසරේ ජන්මලාභය ලද පල්ලේගම සිරිනිවාස නාහිමි 1968 වසරේ අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාමයේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

මාළිගාකන්ද විද්ද්‍යෝදය මහ පිරිවෙනෙන් අධ්‍යාපනය හැදෑරු උන්වහන්සේ 1984 වසරේ දී කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන ඇති බව සඳහන් වේ.

අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිසුමන නාහිමි 1997 වසරේදී අටමස්ථානාධිපති පත් වූ අතර උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ලෙස ද උන්වහන්සේ කටයුතු කළේය.

Continue Reading

පුවත්

අරාබි හිරගෙවල්වල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

Published

on

By

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

එම අමාත්‍යංශයේ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අබුඩබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත මේ බව නිල වශයෙන් දැනුම් දීී ඇති බවයි.

මෙලෙස රාජකීය සමාව ලැබූ ශ්‍රී ලාංකිකයන් 44 දෙනා ආරක්ෂිතව මෙරටට එවීමට එරට රජය ඉදිරි කාලයේදී කටයුතු කරනු ඇති බවත් ඒ සඳහා අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට නිලධාරීන් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අබුඩාබියේ සිටින ශ්‍රී ලංකා තානාපති – උදය ඉන්ද්‍රරත්න මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට සිය හෘදයාංගම ස්තූතිය පළ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදු රළ ගැන නිවේදනයක්

Published

on

By

මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සදහන් වන්නේ ඇම්බර් වර්ණයෙන් දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වේ.

එම මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5ත් මීටර් 3.0ක් පමණ සහ තරංග කාලය තත්පර 12-16 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් කල්පිටිය එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ දැක්වෙයි.

එසේම එම වෙරළතීරයන්ට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවද එහි දැක්වෙයි.

මෙම තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

වීසා අවුල : කැබිනට් තීන්දුවට අභියෝග කරන නිලධාරීන්ට එරෙහිව පියවර

Published

on

By

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළුවීමේදි (on Arrival) ක්‍රමය යටතේ විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතිය සහිතව බව රජය පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්න් 2023 සැප්තැම්බර් 11 දින රටට ඇතුළුවිමේදි විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිගත හැකි බාහිර ආයතනයක් වෙත දීම වෙනුවෙන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.

එම මාධ්‍ය නිවේදනයේ මෙසේද දැක්වේ :

ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ බාහිර පාර්ශවයන් වෙතින් අයදුම්පත් කැදවීමේදි ලැබුණු ආයදුම්පත් දෙකකින් වඩාත්ම සුදුසුකම් පෙන්නුම් කළ මෙම සමාගම වෙත, විදේශිකයන් රටට ඇතුළුවීමේ දි විසා නිකුත් කිරීම හා මාර්ගගත ක්‍රමය ඔස්සේ විසා අයදුම් කිරීමේ කටයුතු සඳහා පහසුකම් සැපයීමේ ක්‍රියාවලිය පැවරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අදාළ සමාගම නව තාක්ෂණය භාවිතා කරන මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු බැවින් මෙම කටයුතු ඔවුන් වෙත පවරන ලදී. රටවල් 151 ක විසා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 3388 ක සේවා සපයන ආයතනයක් ලෙස මොවුන් ලෝක ප්‍රකට සමාගමක් වේ.

නමුත් පසුගිය දිනක ඔවුන්ගේ විසා නිකුත් කිරීම ක්‍රියාවලියේ යම් ගැටළුවක් ඇතිවීම ගැන සොයා බැලීමට රජය තීරණය කර ඇති නමුත් කැබිනට් අනුමැතියකින් තොරව මෙම ක්‍රියාවලිය බාරදුන්නාය කියන කාරණය අසත්‍ය කාරණයක්වේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට විසා නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම විදේශීය සමාගමකට පවරා ඇතැයි පළවන වාර්තාවල පදනමක් නැත. විසා නිකුත් කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයිමේ කටයුතු පමණක් මෙම සමාගම වෙත පවරා තිබේ.

ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කරන හා ක්‍රියා කරන නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ද රජය කටයුතු කරමින් සිටියි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved