දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී අද (10) හදිසියේ ඇති වූ ගින්නකින් වාහනයක් ගිනිගෙන තිබුණි.
ඒ හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට වාහන ඇතුළු කිරීමේ කොට්ටාව හුවමාරුව නැවත විවෘත කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.
(පෙර පුවත 2024 සැප්තැම්බර් 10, පෙ.ව.10:44)
හදිසි ගින්නක් නිසා අධිවේගී පිවිසුමක් තාවකාලිකව වසා දැමේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී වාහනයක් ගිනි ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ, ඒ හේතුවෙන් මාතර දෙසට ගමන් කිරීම සඳහා කොට්ටාව හුව මාරුවෙන් ඇතුළු වීම තාවකාලිකව වසා දමා තිබෙන බවය.