පුවත්

හබරාදූවේ තවත් වෙඩි තැබීමක්

Published

on

හබරාදුව තල්පෙ පොල්දූව පන්සල අසලදී අද (24) උදේ සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් මිය ගොස් ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වු පුද්ගලයා තල්පෙ හීනටිගල පදිංචි 38 හැවිරිදි අයෙකි.

ඝාතනයට ලක්වු පුද්ගලයා උදෑසන  දරුවන් දෙදෙනා පාසලට ගෙන ගොස් බිරිඳ සමග ආපසු නිවස බලා ත්‍රී රෝද රථය පදවා  ගෙන යමින් සිටින විට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා ත්‍රී රෝද රථකරු ඝාතනය කොට පලා ගොස් ඇතැයි වාර්තා වේ.

වෙඩි තැබීමේදී ත්‍රී රෝද රථයේ ගමන් කළ මියගිය අයගේ බිරිඳටද ⁣තුවාල සිදුවී කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කර ඇත.

Trending

Exit mobile version