පුවත්

හම්බන්තොට නාමල්ගේ රැස්වීමකට ගල් ගහලා

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

හම්බන්තොට පොලිසිය පැවසුවේ එම ගල් ප්‍රහාරයෙන් රැස්වීමට පැමිණ සිටි ළමයකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කළ බවයි.

ගල් ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මයුරපුර රොටරි පාරේ පදිංචිව සිටින දරුවෙකි.

මෙම ජන හමුවට නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ සහභාගී වීමට නියමිතව තිබුණි.

රැස්වීම් භූමියට ගල් ප්‍රහාර තුනක් පමණ එල්ල වී ඇතැයිද පොලිසිය පවසයි.

Trending

Exit mobile version